ඔන්න මම මගේ මුල්ම පෝස්ට් එක විදියට
මගේ ගම ගැනම ලියන්න හිතුවා.
අපේ පලාතට අනිත් පලාත් වල මිනිස්සු මෙච්චර බයක් තියෙන්නෙ මොකද කියන එක මම හැමදාම කල්පනා කරන දෙයක්..අපේ පලාතෙ එක සීමාවක් තමයි බෙන්තොට ගග.මේ ගගෙන් අපේ පැත්තට ඒ කියන්නෙ දකුණු පලාතට ඇස් දෙක වැහුන බලල් පැටියෙක්වත් ගේන්න එපා කියන හේතුවනම් මම තවමත් කල්පනා කරනවා. :
අපි ඉතින් ආඩම්බරෙන් ඕන තැනක කියන කතාවක් තමයි ගම ගාල්ල.මමත් ඉපදුනේ ගාල්ලෙ උනාට පොඩි කාලේ ඉදලම හැදුනෙ වැඩුනෙ නම් ගාල්ලට ආසන්නම ලංකාවෙ ප්‍රථම සංචාරක පුරය වන සුන්දර වෙරලකට හිමිකම් කියන හික්කඩුවෙ. අපේ වචනෙන් කියනවනම් හදවතින්ම හික්කා කොල්ලෙක්.
හික්කඩුවේ ඉතිහාසය.
හික්කඩුව කියලා නම හැදුනා කියලා කියන ජනවහරේ එන ප්‍රසිද්ධ කතාව ථමයි...
හික්කඩුව කියන්නෙ ශිල්පයට කඩුවක් බදුවූ කියන අදහසින් සිප්+කඩුව පසු කාලෙක හික්කඩුව කියලා කැඩිල බිදිල ආව කියලා.මේක තමයි පිලිගත් මතය.මේ මතය ඇත්ත කරන සාක්ෂි ඒ කියන්නෙ ඒ කාලෙ ප්‍රසිද්ධ අධ්‍යාපනඥයන් සහ අධ්‍යාපන ආයතන මේ ප්‍රදේශයේ පිහිටලා තිබිල තියෙනවා.
පොඩි උන් අතරත් තව ජනප්‍රිය කතාවක් තියෙනවා.. ඒ කාලෙ රජ්ජුරුවෝ දෙන්නෙකුගෙ සටනක් තිබිලා තියෙනවා මේ ආසන්නයේ වෙලක.ඔහොම සටන් කරනකොට එක රජතුමෙකුගේ කඩුව බිම වැටිලා..ඒ වෙලාවෙ රජතුමා ෂික්...කඩුව කියපු එක බිදිලා ආව කියලා..
හික්කඩුව සංචාරක පුරය....
හික්කඩුව කියන්නෙ ඒ කාලෙ බොහොම අහින්සක විදියට ජීවත් උන මිනිස්සුගෙන් ජනාකීර්න නොවුව පොඩි ගමක්.ධීවර කර්මාන්තයයි , ගොවිතැනයි තමයි ගොඩක් දෙනෙකුගේ ජීවනෝපාය වෙලා තිබිල තියෙන්නෙ..
මම මේ කියන කාලේ හික්කඩුවෙ දැන් කොරල් ගාර්ඩන්ස් නැත්නම් චායා ට්‍රාන්ස් කියන හොටලය පිහිටල තියෙන තැන තිබිලා තියෙන්නෙ පොඩි කරවල වාඩියක්.හිතා ගන්න පුලුවන්නෙ මම මේ කියන්නෙ කොයි කාලෙද කියල. අපේ ආච්චිලගේ,සීයලගේ පොඩි කාලේ..
 |
| Walduuwa Gala - Hikkaduwa. |
එකදවසක් මේ හරියෙ මාලු අල්ලන්න ගියපු ධීවරයො ටිකදෙනෙක් අපූරු මල්වත්තක් වගේ ප්‍රදේශයක් දකිනව..ඔන්න ඊට පස්සෙ මේ ආරන්චිය කටින් කට යනවා..ඊට ටික කාලෙකට පස්සෙ මිනිස්සු මේවා බෝට්ටුවෙන් නරබන්න යන්නත් පුරුදු වෙනව..බෝට්ටුවෙ අරගෙන යන පතුලට වීදුරුවක් හයි කරපු පොඩි ටැන්කියක් වතුර උඩ තියල තමයි මේවා බලල තියෙන්නෙ..ඔහොම ගිහින් අර පොඩි වාඩිය තිබුන තැන හික්කඩුව තානායම බිහිවෙනව.අන්තිමේ මේකට රජයත් මැදිහත් වෙනවා.ඒකෙ ප්‍රතිපලයක් විදියට තමයි ලංකාවෙ මුල්ම සහ එකම සමුද්‍ර අභයභූමිය ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ද කරනවා.අර වාඩිය තිබුන තැන තානායමක් වෙලා අන්තිමේ සුවිසල් හෝටලයක් බවටත් පත් වෙනවා.ඒ තමයි දැන් චායා ට්‍රාන්ස් කියන කලින් කොරල් ගාර්ඩ්න්ස් නම් හෝටලය..මේක ගැන අන්තර්ජාතිකවත් ප්‍රසිද්ධ උනා..මොකද හික්කඩුවෙ කොරල් උයන ගොඩබිමේ ඉදන් ඉතාම අඩු දුරක ඉදන්ම ආරම්භ වීම.විවෘත ආර්ථිකයත් එක්කම ජේ.ආර්.ජයවර්ධන උන්නැහේගේ සිහිනයක් උන සංචාරක නගරත් ඇතිවෙනවා.ඔන්න ඔහොමයි ලංකාවෙ ප්‍රථම සංචාරක පුරය උනේ.
දැන්නම් අර පරන බෝට්ටු වෙනුවට තියෙන්නෙ මෝටර් හයි කරපු ග්ලාස් බෝට්ටු.ඒව දුවන්නෙ තෙල් වලින්...ඒක නිසානම් හිතෙනව කලින් තිබුන විදිය හොදයි කියලා..මොකද පරිසර දූෂනයක් නැති නිසා.දැනට අවුරුද්දක විතර කාලයක ඉදන් රජයෙන් බෝට්ටු වල යන්නත් පොඩි ගානක් අය කරන්න ගත්ත.ඒත් ඒ ගන්න මුදල් වලින් හික්කඩුවටනම් වෙන දෙයක් නෑ කියලයි හැමෝගෙම අදහස.අලුතෙන් වනජීවී කාරයාලයක් පිහිටෙවුවත් එකෙනුත් වෙන්නෙ බෝට්ටුවල යන අයට ටිකට් කඩන එකයි , බෝට්ටු වල ටර්න් එක හදන එකයි විතරයි.කොරල් උඩ නගින මිනිස්සු දිහා වනජීවී එකෙන් බලා ගෙන ඉන්න එක තමයි කරන්නෙ.....
ඒකෙන් මේකෙන් උනේ අන්තිමේ නිකන් බෝට්ටුවක රවුමක් ගියපු අපිට කෙල උන එක තමයි.තව හික්කඩුව ගැන විස්තර ඉස්සරහට මගේ පොස්ට් වලින් කියවන්න පුලුවන්..
හික්කඩුවනම් දැන් ලංකාවෙම ප්‍රසිද්ධ සංචාරක පුරයක්.හෝටල් , ආපනශාලා , සංචාරකයන්ට ලංකාවෙ මතක සැමරුම් ගන්නම බිහිඋන කඩ , රාත්‍රි ජීවිතය (නයිට් ලයිෆ්) ඔන දෙයක්...අපේ වචනෙන් කියනවනම් ඕනම දෙයක්..ඒත් පිට ඉන්න අය හිතාගෙන ඉන්න විදියනම් නෙවෙයි.සදාචාරයත් හොදින් රැකිලා තියෙනවා.පොඩි පොඩි ප්‍රශ්න ඇරෙන්න. ;)
හික්කා(Hikka beach fest) වෙරල සැනකෙලිය නිසා හික්කඩුවට දැන් වැඩිදෙනෙක්
කියන්නෙ හික්කා කියල.
මොනව උනත් අපිනම් හදවතින්ම හික්කා තමා.හවසට වැල්ලෙ ක්‍රිකට් පාරක් ගහල , එහෙමම මුහුදෙත් නාල ගෙදර යන එක තමයි නිවාඩු කාලෙ අපේ දවසේ අන්තිම වැඩසටහන.
නිවාඩු කාලෙටනම් හික්කඩුව තරමක් කාර්යබහුලයි.වන්දනා ගමන් යන අය, ට්‍රිප් යන අය , ඉස්කෝලෙ ලමයි ,විවේකය ගතකරන්න හික්කඩුවට එන දේශීය සංචාරකයන්ගෙන් පිරිල යනවා.එන්න ඔයාලත් ඇවිල්ල ජීවිතේ ටිකක් විදලා යන්න එන්න...