Friday, October 19, 2012

මේ අය හමුවෙන්න අමතක කරන්න එපා... (හික්කඩුව -2 / Hikkaduwa - 2)



හික්කා කියන්නෙ කොරල් පරයත් සුන්දර වෙරලත් නිසා ප්‍රසිද්ද උන නගරයක්නේ..ඒ උනාට මේ අය නිසාත් හික්කඩුව අවට වෙරල ප්‍රසිද්ධයි.මේ අය අවුරුදු මිලියන ගානක ඉදල පැවතෙනව කියලයි කියන්නෙ.ඒත් වර්තමානයේදි උග්‍ර වදවීයෑමේ තර්ජනයකට මුහුන දීලයි මේ අය ඉන්නෙ.කවුද මේ අය?
මෙ අය තමයි කැස්බෑවන් කියල කියන්නෙ. ලෝකෙ මෙයාලගෙ වර්ග 7ක් ජීවත් වෙනවා.
ඒත් ලංකාව අවට මුහුදෙ  ජීව්ත් වෙන්නෙ වර්ග 5යි.
ඒ වර්ග 5 තමයි


1.Green Turtle
2.Hawksbill Turtle
3.Loggerhead Turtle
4.Olive Ridley
5.Leatherback turtle

Green Turtle - (කොල කැස්බෑවන්) තමයි ලංකාවෙ භහුලවම දකින්න ලැබෙන වර්ගය.වැඩුනු සතෙකුගෙ දිග 1මීටරයක් පමන වෙනවා.වැඩුනු සතෙකුගෙ බර කිලෝ 120-140ත් වතර වෙනවා.මෙයා වරකට බිත්තර 140ක් විතර දානවා.

Hawksbill Turtle - වර්ගයේ වැඩුනු සතෙක් සෙ.මි90ක් පමන වෙනවා.බර 50-70ක් වෙනවා.මෙයාව කොල කැස්බෑවන් තරම් දකින්න ලැබෙන්නෙ නෑ.
මෙයා මෙයාගෙම තියෙන ලස්සන නිසා වදවීයාමේ අවධානමට මුහුන දීල ඉන්න සතෙක්.

Loggerhead Turtle - වර්ගයේ අය ලංකාවෙ දකින්න අඩුයි.වැඩුනු සතෙක් 1මීටරයක් පමනත් කිලෝ 170-200ක් පමනත් වනවා.

Olive Ridley - වර්ගය වදවීයාමේ තර්ජනයට ලක්වෙලා තියෙන්නෙ මිනිස්සු මෙයාගෙ මස් කෑමට ගන්න නිසයි , බිත්තර කෑමට ගන්න නිසයි. වැඩුනු සථෙක් කිලෝ 35-45ක් විතර වෙනවා.දිග සෙ.මි 65ක් විතර වෙනවා.

Leatherback turtle - වර්ගය තමයි ලංකාවෙ දකින්න ලැබෙන විශාලතම කෙනා.එත් මෙයාව ලංකාවෙ වැඩියෙන් දකින්න නෑ.සුලභ නෑ..වැඩුනු සතෙක් මීටර 3ක් පමන වනවා.බර කිලෝ 750ක් විතර වෙනවා.





මෙයාලගෙන් යාලුවො ටිකක් හැමදාම හික්කා වැල්ලෙ ජීවත් වෙනවා.ඇත්තටම කිවුවොත් සමහර අය මිනිසුන්ගෙ යාලුවො.මෙයාල වැඩිපුරම ඉන්නෙ හික්කා චායා ට්‍රාන්ස් හෝටලය පිටුපස මුහුදු වෙරල ආසන්නයේ.මුලින්ම මෙතන හිටියෙ එක යාලුවයි..දැන්නම් ඒ යාලුවගෙ යාලුවොත් එකතුවෙලා සමහර දවස් වලට 4ක් 5ක්ම ඉන්නවා.මුලින් ඉදපු යාලුවා "රෝසි" .දැන්නම් රෝසිගෙ යාලුවො ගොඩ දෙනෙකුත් ඉන්නවා."ටයිනි" වගේ අය.හික්කඩුව පැත්තෙ එනවනම් මෙයාලව බලන්නත් අමතක කරන්න එපා..

No comments:

Post a Comment