කන්නෙලිය... මීට අවුරුදු 15-20කට කලින් ලංකාවෙ බොහොම සීමිත කොටසක් , එ කියන්නෙ වනසත්ව වේදීන් සහ , ප්‍රදේශයේ ජීවත් උන ටික දෙනා දැනගෙන හිටිය කන්නෙලිය දැන්නම් ලංකාවෙම ප්‍රසිද්ධයි.නිවාඩු දවස් වලට පාසැල් ලමයි , වනසත්ව වේදීන් , විනෝද සංචාර යන අයගෙන් කන්නෙලිය පිරිල ඉතිරිලා යනවා..මම මගේ පෝස්ට් එක පටන් ගන්න කලින්ම එකදෙයක් කන්නෙලි යන්න බලපොරොත්තු වෙන හැමකෙනාගෙන්ම ඉල්ලන්න කැමතියි..
ඔබ සියලු දෙනා රැගෙන යන කිසිම දෙයක් වනාන්තරය තුල දාලා එන්න එපා.පුලුවන්නම් පා සටහනුත් මකාගෙනම එන්න.මොකද දැන දැන් කන්නෙලිය ජනප්‍රිය වීම නිසා එන සංචාරකයන් ප්‍රමානය ඉහලයි.ඒක නිසා වනසතුන්ගේ ජීවිතයට සිදුවන අවහිර බොහෝමයි.
කන්නෙලියට යමු...
කොලඹ ඉදලා එනවනම් අධිවේගී මාර්ගයෙන් ගාල්ලට ඇවිත් එන්නත් පුලුවන්. නැත්නම් අධිවේගී මාර්ගයෙන් ඇවිත් බද්දේගම පිවිසුමෙන් පිටවෙලා බද්දේගම උඩුගම මාර්ගයෙන් උඩුගමට ඇවිත් එතන ඉදලා කිලෝමීටර 8ක් තවලම, නෙලුව මාරගයේ තවලම පැත්තට එන්න වෙනවා.
Route 1 : Colombo -> Galle[116km on A2] -> Udugama [32km on B129] -> Panangala [6km on B156] -> Koralegama -> Kanneliya Conservation Centre [2km](approximately 156km)
Route 2 : Colombo -> Kalutara (Katukurunda) [45km on A2] -> Nagoda [3km on B008] -> Mathugama [5km on B308 & 11km on B8] -> Horawala [5km on B3] -> Moragala [7km] -> Palewatta [8km on B3] -> Pitigala [10km on B3] -> Udugama [24km via Mapalagama] -> Panangala [6km on B156] ->Koralegama -> Kanneliya Conservation Centre [2km](approximately 125km)
කන්නෙලියෙ බලන්න තියෙන දේවල්...
(සංචාරකයන්ට සහ විනොද චාරිකා යන අයට )
පිවිසුමේ ඉදල දුර කිලෝමීටර 3ක් පමන තියෙනවා. මේකට මේ නම ලැබිල තියෙන්නෙ අනගි කියන කෙල්ලෙක් ඒ දවස් වල(එකමත් එක කාලෙක ) මෙකෙන් පහලට පැනලා මැරුන නිසා.ඒත් එහෙම පැනලා නම දාගත්ත කියලා මේක බලන්න යන කවුරුවත්නම් මේකට පනින්න එපා.
නාරන්ගස් ඇල්ල - මේකනම් මීටර 70ක් උසයි.මේකට මේ නම ලැබිල තියෙන්නෙ මේ ආසන්නයෙන් බොහොම ලේසියෙන් ඖෂධ සදහා ගන්න නාරං විශේෂයක් සුලබව දකින්න ලැබීම.
මේකත් මහල් ආකාරයට පිහිටල තියෙන්නෙ..ඉස්සරනම් මේකෙ උඩට එල්ලිලා වතෙන් නගින්න පුලුවන් උඩ මහල ලගට යන්න.තව මාර්ගත් තියෙනවා එතනට යන.ඒත් දැන්නම් උඩට යන්න අවසර දෙන්නෙ නෑ ජීවිත අරක්ෂාව ගැන සලකල.ඒක කෝකත්ටත් හොදයිනෙ.. ;)
| Leach |
යොධ පුස්වැල - මේකෙ හරියටම පැතිරිලා තියෙන ප්‍රමානය මට මතක නෑ.ඒත් මේකත් අපේ වචනයෙන් කියනවනම් මාරයි. මේක තියෙන්නෙ අනගිමල ඇල්ල පහුකරලා ටික දුරක් නාරන්ගස් ඇල්ල පැත්තට යනකොට.
වවුල් ගුහාව - මේක තියෙන්නෙ අනගිමල ඇල්ල බලන්න යන පාරෙම හරස් අතට පාර යටින් තියෙන උමගක් .ඒක නිසා පොඩි අය එක්ක යනවනම් මේක බලන්න අමතක කරන්න එපා.යන මග පෙන්වන්නා හොදනම් ඔයාලට ඕක ඇතුලෙ ඉන්න අවේනික මැඩි විශේෂයක් බලා ගන්නත් පුලුවන්.වවුල් ගුහාව කිවුවට ඕක ඇතුලෙ අනිත් පැත්තට තියෙන ගුහාවෙ කොටස පේන්නෙ නෑ ඇතුල කලුවර නිසා.පොඩි එලියක් තියෙනවනම් වවුල්ලු විශාල ප්‍රමානයක් ගුහාවෙ දිගට එල්ලිලා ඉන්නව දැක ගන්නත් පුලුවන් වෙයි.
| Endemic Frog |
යොධ නවද ගස - මේකත් ස්වභාව ධර්මයයි කාලයයි එකතු වෙලා කරපු අපූරු නිර්මානයක්...මේක බලන්න යනවනම් ඒ අතර මගදි අනගිමල ඇල්ල සහ , යොධ පුස් වැල , වවුල් ගුහාව කියන ඔක්කොම බලන්න පුලුවන්.එක් දින චාරිකා එන පැය 4 ක් ව්තර ගත කරන්න පුලුවන් කන්ඩායම් වලට හොදම ටික තමයි මේ ටික බලන එක.පොඩි ලමයි ඉන්න , වයසක වැඩිහිටි අය ඉන්න කණ්ඩායම් වලටනම් මේක වැඩියෙ ප්‍රායෝගික නෑ..අධ්‍යාපන චාරිකා එන ලමයි කන්ඩායම් වලටනම් හොදයි.ලමයි කණ්ඩායම්,තරුන කණ්ඩායම් වලටනම් නාරන්ගස් ඇල්ල උනත් ගිහින් එන්න පුලුවන් උපරිම පැය 5කින් විතර.මොකද දුර ප්‍රමානය කොලෝමීටර 7ක් විතර තියෙනවා.
සහෝදර , සහෝදරියන්ට තමා. මේක බලන්න යනවනම් හොද මගපෙන්වන්නෙක් කතා කරගන්න.නැත්නම් මේක ගියා කියල කිසි තේරුමක් නැතිවෙයි.නිකම්ම කන්දක් නැගල බැස්ස පමනක් වෙයි.මම මෙ පොස්ට් එකේ ඉස්සරහට මග පෙන්නන අය ගැනත් කියන්නම්.
මේකෙ උස මුහුදු මට්ටමේ ඉදලා මීටර 472ක් පමන වෙනවා.මේක කදු මුදුන් දෙකක් සහිත කදු පන්තියක්.කුඩා කබ්බලේ හා මහ කබ්බලේ කියල තමයි හදුන්වන්නෙ.මම ඔය කිවුවෙ උසම කන්දෙ උස.මේක බලන්න යන්න හොදම දින කිහිපයක් නවාතැන් ගන්න සංචාරකයන්ට තමයි.
නාන තොටුපල - මේක තියෙන්නෙ කන්නෙලිය පිවිසුමෙන් අතුල්වෙලා වනාන්තරයට අතුල්වෙන තැනම පහලට වෙන්න.
මේකනම් කියාපු තැන ඕන තරම් වෙලා වතුරෙ බැහැලා ඉන්න.ඇවිදලා ඇවිදලා ඇවිත් මහන්සිය නිවාගන්න නියම ක්‍රමය තමා මේක. මේක කෘතීමව ගල් බැම්මක් හදලා වන සංරක්ෂන මහත්වරු කාලෙකට කලින් හදපු එකක් තමයි තියෙන්නෙ.පොඩි ලමයින්ට උනත් ජලක්‍රීඩා කරලා වතුරෙ බැහැලා සෙල්ලම් කරන්න කියාපු තැන.වතුර වැඩි කාලෙට මේකෙ ගල් ගැලවිලා ගියත් වනසංරක්ෂන නිලදාරීන් නිසා මේ ස්ථනය හොදට තියෙනවා.කෘතීමව හදපු ස්වාභාවික ජල තටාකයක්.... ;)
කන්නෙලියේ නවාතැන් පහසුකම්...
නවාතැන් පහසුකම් නම් කන්නෙලියෙ ගොඩක් නෑ..එත් තියෙන ප්‍රමානය හොදටම තියෙනවා.
කන්නෙලියෙ වන සංරක්ෂන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වන සංචාරක බංගලාවක් තියෙනවා.කන්නෙලියට ඇතුල් වෙන තැනට මීටර 30ක් විතර කලින් පෞද්ගලික ආයතනයකුත් තියෙනවා "කන්නෙලිය රෙස්ට් " කියලා.තව කිහිප තැනක්ම තියෙනවා ගෙස්ට් හවුස්නම්.
මමනම් කන්නෙලියෙ නවතින්න අදහස් කරන අයට යොජනා කරන්නෙ වන සංරක්ෂන බංගලාව.ඒක වෙන්කරවා ගන්නනම් වෙන්කරවා ගන්න ඕන දිනට මාසයකට කලින් ඉදල පුලුවන්.එත් එක කර ගන්න වෙන්නෙ බත්තරමුල්ලෙ පාර්ලිමේන්තු පාරෙ තියෙන වනසංරක්ෂන දෙපාර්තමේන්තුවට ගිහින් තමයි.
ඕන කෙනෙකුට මෙන්න තියෙනවා දුරකථන අංක 0112866631, 0112866632, 0112875540 .මේ අංකයක වලට කතාකරල ඔයාට ඔන දවසට මොනව හරි වෙන්කිරීමක් කරල නැද්ද , වැදි විස්තර දැනගන්න පුලුවන්.
කන්නෙලිය බංගලාවෙ තියෙන්නෙ තනි තනි කාමරනම් නෙවෙයි,කණ්ඩායම් කාමර.5,6,11,13,15 යන විදියට ඇදන් ප්‍රමාන අඩංගු කාමර 5ක් තමයි තියෙන්නෙ.
ඇද ඇතිරිලි , කොට්ට උරත් මෙතනින් සපයනවා.ඔබට සපයපු ඇදඇතිරිල්ලට සහ කොට්ට උරයත රුපියල් 15ක් අය කරනවා.උයන්න ඉන්න කාර්ය මණ්ඩලයත් අති විශිෂ්ටයි...
ඡායාරූප කරනය කරන අයට, වන සත්ව වේදීන්ටනම් මෙතන කියාපු තැන.! ;)
අමතක කරන්න එපා...
මේක වන රක්ශිතයක්. ඒක නිසා මත්පැන් , මත්ද්‍රව්‍ය ගෙන ඒම තහනම්!!!
හොද මග පෙන්වන්නෙකුගෙ සහයත් ලබාගන්න අමතක කරන්න එපා.සෙනග වැඩි දවස් වලට ස්වෙජ්ඡාවෙන් සේවය කරන ප්‍රදේශවාසී අය්ත් ඉන්නවා..ඒත් ඒ අයට වනය ගැන , සත්තු ගැන , සත්තු ඉන්න තැන් ගැන ලොකු දැනුමක් නෑ....
ඒක නිසා පුලුවන්නම් නිත්‍ය මග පෙන්වන්නෙකුගෙ සහය ගන්න.
කැමතිනම් විශාන්ට( 0774-614930 ) කෝල් කරලා බලන්න.මම දන්න තරමින් විශාන්ට ගොඩක් අත්දැකීම් තියෙනවා සත්වවේදීන් එක්ක වැඩ කරලා.මගේ කවුරුවත්නම් නෙවෙයි..කන්නෙලි ගිහිල්ලම දැනගත්ත පුද්ගලයෙක්. :)
ඔබ සියලු දෙනා රැගෙන යන කිසිම දෙයක් වනාන්තරය තුල දාලා එන්න එපා.පුලුවන්නම් පා සටහනුත් මකාගෙනම එන්න.
සුභ ගමන්..!!!
ela lokka
ReplyDeletetx brotha =)
Delete